ඇමෙරිකාවේ තව බෝම්බයක්?


ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් ප්‍රාන්තයේ පොහොර කම්හලක සිදුවූ විශාල පිපිරීමකින් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.

එවැනිම සංඛ්‍යාවක් මිය යන්නට ඇති බවට සැක කෙරෙන නමුත් ඒ පිළිබඳ වාර්තා තවමත් හෙලි කර නැත.

බටහිර ටෙක්සාස්හි ඇතිවූ මෙම පිපිරීම උතුරු ටෙක්සාස් ප්‍රදේශයටත් දැනිණි. එය රිච්ටර් මාපාංක 2.1 ප්‍රබලත්වයකට සමාන බව කියති.

1995 දී ඔක්ලහෝමා නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමට වඩා විශාල විනාශයක් සිදුව ඇති බවත් වාර්තා වේ.

මෙය බෝම්බ තැබීමක් විය හැකි බවට අනුමාන කෙරෙන නමුත් එය ස්ථිර වශයෙන්ම තහවුරු වී නොමැති බවත් වාර්තා වේ.