ඇමෙරිකාවෙන් උතුරට පාපන්දු පුහුණුව


ඇමෙරිකාවේ පෙන්සල්වේනියාවේ පාපන්දු පුහුණුකරුවකු වන මැට් බිල්මන් ලබන ජූනි 21 වැනිදා සිට අගෝස්තු 05 දක්වා පැරණි කොටි සාමාජිකයන් පන්සිය දෙනකුට පාපන්දු පුහුණුව ලබා දීමට යයි.

අධ්‍යාපනය, සමාජ හැකියා, ක්‍රීඩාශීලිත්වය හා පෝෂණය එකවිට ලබා ගත හැකි පොදු මාර්ගයක් වශයෙන් ඔහු පාපන්දු ක්‍රීඩාව හදුන්වයි.

අප්‍රිකාවේ ද මෙවැනි පුහුණු කඳවුරු පවත්වා ඇති ඔහු සමග තවත් පුහුණුකරුවන් කිහිප දෙනෙක්ම පැමිණීමට නියමිතය.

පුහුණුවන ක්‍රීඩකයනට ක්‍රීඩා උපකරණ ද සැපයීමට යයි.