සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවට ධනාත්මක වෙනස්කම් සහිත වසරක් වනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පවසයි.
ප්‍රතිසන්ධානය, සාමය හා සාධාරණත්වය මෙම නව වසරේ අර්ථවත් වනු ඇතැයි ඇමෙරිකාවේ අපේක්ෂාව බව ද ඔහු කියා සිටියි.
ගෙවුණු මාස කිහිපයේ මෙන්ම නව වසරේදීත් සෞභාග්‍යමත්, ප්‍රජාතන්ත්‍රවාදී හා එක්සත් ශ්‍රී ලංකාවක වැඩ කටයුතු කරගෙන යෑමට සියලු ලාංකිකයන්ට ශක්තිය ධෛර්ය ලැබේවා යන්න සිය ප්‍රර්ථනය බව ද අමෙරිකා රාජ්‍ය ලේකම්වරයා කියයි.

