ඇමෙරිකාවටත් ගිය කලක්


දස වසරකට  පෙර ඇමෙරිකාවේදී  අතුරුදන් වු  තරුණියන් තිදෙනකු  ඔහයෝ  ප්‍රාන්තයේ  නිවසකදී   රඳවාගෙන සිටියදී  සොයාගත් බව  පොලීසිය කියයි.

 ඔවුන් තිදෙනා  මේ වන විට  රෝහල්ගත කර ඇති අතර රෝහල් බලධාරීන්  ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටිති. එක් තරුණියක දැන් එක් දරු මවකි. ඇය පැහැරගත් පුද්ගලයකු දරුවාගේ පියා බව කියති.

ඔවුන් වහල් සේවයට යොදවා ගත්තාදැයි සැකයක්  පවතින බවත් පොලීසිය  පවසයි. තරුණියන් තිදෙනා රඳවා සිටි නිවසේ අගුලු දමා  තිබු  දොර කඩා  තරුණියන්ව බේරා ගෙන ඇති අතර නිවසේ සිටි අවුරුදු 50-54 වයස් කණ්ඩායමට අයත් වු  ස්පාඤ්ඤ ජාතිකයන් යැයි සැක කළ හැකි පිරිමි  තුන්දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබුහ.

 එක් තරුණියක වයස අවුරුදු 27 දී අතුරුදන් වු අතර තවත්  තරුණියක  වයස අවුරුදු  20 දී අතුරුදන් විය.

අනෙක් තරුණිය  අතුරුදන් වුයේ  වයස අවුරුදු 14 දී පාසල් යමින් සිටියදීය.