ශ්‍රී ලංකාවේ පැවැත්වූ ජනාධිපතිවරණය සාර්ථක හා සාමකාමී එකක්වීම සම්බන්ධයෙන් ප්‍රශංසාකරමින් නිවේදනයක් නිකුත් කරණ ඇමෙරිකාවේ ජනාධිපති බරක් ඔබාමා මහතා පවන්නේ ජනාධිපතිවරණයෙන් පරාජය වී නික්මයන පාලකයන් අප්‍රමාදව හා ක්‍රමාණුකූලව බලය හැරයාම සම්බන්ධයෙන් මනා ආදර්ශයක් සැපයූ බවයි.
එසේ ම ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදයට සහයෝගය දක්වන සියළු දෙනාගේ බලාපොරොත්තුවල සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ මැතිවරණය දැක්විය හැකි බවයි.
මෙම බලාපොරොත්තුවේ නිමේෂයේ දී එක්සත් ජනපදය ශ්‍රී ලංකාව හා එහි පාලකයන් සමග සම්බන්ධතාවයන් තව දුරටත් වර්ධනය කරගන්නා බවත් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රී ලංකාවාසීන්ට සාමයෙන්, ප්‍රජාත්නත්‍රවාදයෙන් හා සෞභාග්‍යෙයන් සවිමත්ව කටයුතු කිරීමට හැකිවනු ඇති බවත් ජනපති ඔබාමා පවසයි.

