
වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමරිකා එක්සත් ජනපද හමුදා විසින් වෙනිසියුලා රජයට අයත් තෙල් නැවක් අත්අඩංගුවට ගෙන ඇත.
"අපි වෙනිසියුලාවේ වෙරළ තීරයේදී නැවක් අත්අඩංගුවට ගත්තා - මෙතෙක් අල්ලා ගත් විශාලතම නැව," ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නෞකාව "වෙනිසියුලාවෙන් සහ ඉරානයෙන් අනුමත කරන ලද තෙල් ප්‍රවාහනය කිරීමට භාවිතා කරන බොරතෙල් ටැංකියක්" බව නීතිපති පෑම් බොන්ඩි පැවසු බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම තෙල් ටැංකිය අල්ලා ගැනීමේ මෙහෙයුම යුද දෙපාර්තමේන්තුවේ නෞකාවකින් සිදු කළ බවත් එයට හෙලිකොප්ටර් දෙකක්, වෙරළාරක්ෂක භටයන් 10 දෙනකු සහ මැරීන් භටයන් 10 දෙනකු මෙන්ම විශේෂ බලකායන් ද සම්බන්ධ වු බව ඇමරිකා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් විසෙද් මාධ්‍යකට පැවසු බව සඳහන් වේ.
වෙනිසියුලානු රජය නිවේදනයක් නිකුත් කරමින් මෙම අත්අඩංගුවට ගැනීම "බරපතල ජාත්‍යන්තර අපරාධයක්" ලෙස හෙළා දකින බවත් "ඓතිහාසික හා ව්‍යවස්ථාමය අයිතිය මගින් වෙනිසියුලානු ජනතාවට අයත් දේ අහිමි කිරීමට උත්සාහ කිරීමට කිසිදු විදේශීය බලවේගයකට වෙනිසියුලාව ඉඩ නොදෙන බවත් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අන්තර්ජාලය ඇසුරෙන් හසිනි නවෝද්‍යා

