ඇමෙරිකාව ලංකාවට ආධාර කපයි?


ශ්‍රී ලංකාවට දෙන ආධාරවලින් සියයට 20ක් කපා හරින්නැයි ඇමෙරිකා රජ්‍ය ලේකම් ජෝන් කෙරී ඇමෙරිකා රජයට යෝජනා කරයි.

ජෝන් කෙරී මෙම යෝජනාව අඩංගු අය වැය යෝජනා කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය සඳහා ගිය සතියේ ඉදිරිපත් කළේය.

ඔහු යෝජනා කරනුයේ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් එක්කෝටි දස ලක්ෂයක් (රුපයල් කෝටි 139.7)දිය යුතු බවයි.

එම මුදල 2012 දුන් මුදලට වඩා සියයට 20ක අඩුවීමකි.

යුද්ධයේ අවසන් කාලයේ සිදුවීයැයි කියන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා  ජාතික එකමුතුව සම්බන්ධයෙන් වන ප්‍රශ්න ඔහුගේ යෝජනාවෙන් පිළිබිඹු වෙයි.

ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යයක් වන මාලදිවයිනට ඇමෙරිකාව ඉතා වැඩි ආධාර මුදලක් දීමට යෝජනා කරයි.

ශ්‍රී ලංකාවට දෙන අධාරවලින් වැඩි කොටසක් අධිකරණ ප්‍රතිසංස්කරණය සඳහා වේ.

මාලදිවයිනට දෙන ආධාර ත්‍රස්තවාදය මර්ධනය කිරීමට වන උත්සාය සඳහා යෝජනා කර ඇත.

ඉන්දියාව හා ඇමෙරිකාව මාලදිවයින සමග සමීපයෙන් වැඩ කරතියි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.