ඇමෙරිකා විරෝධය ගාලූ පාරේ


ජිනීවා මානව හිමිකම් සමුළුවට ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කැරෙන යෝජනාවට විරෝධය පළ කරමින් ”ජාතික සංවිධාන එකමුතුව” කොළඹ කොල්ලූපිටියේ පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් පැවැත්වීය.
දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය, දේශපේ‍්‍රමි භික්ෂු පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු සංවිධාන කීපයක ගිහි පැවිදි සාමාජික සාමාජිකාවෝ පිරිසක් මෙයට එක් වූහ. ඔවුන් ගාලූ පාරේ එක් මං තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වන සේ උද්ඝෝෂණයේ නිරතවීම නිසා දැඩි රථවාහන තදබදයක් ද ඇති විය.