ඇමෙරිකා කතට ටෙඩි බෙයාර් දරුවෝ 8000ක්


පෙර අපර ළමා ලෝකයේ සුරතලා “ටෙඩි බෙයාර්“ ය.

ටෙඩි බෙයාර් නැති සිගිත්තෙක් සොයාගැනීමත් දුෂ්කරය.එහෙත් ළමා ලෝකය අහිමි 48 හැවිරිදි කාන්තාවක් මේ ළමා සුරතලා වන ටෙඩි බෙයාර් සමග ජීවත්වන්නීය.

ඒ ඇමෙරිකාවේ විස්කොන්සින් ප්‍රදේශයේ  ය.දැනට ටෙඩි බෙයාර් වෙනුවෙන් වියදම් කර ඇති මුදල  ඩොලර් ලක්ෂයකි(රුපියල් ලක්ෂ 128කි).ඈ තම නිවසේ කාමර 4ක් ටෙඩි බෙයාර් වෙනුවෙන් වෙන්කර තිබේ.ඇදුම් මෝස්තර 479ක් ටෙඩ් බෙයාර් වෙනුවෙන් සකස් කර දී තිබේ.ලෝකයේ එකම තැනක මෙතරම් විශාල සංඛ්‍යාවක් ටෙඩි බෙයාර් සිටින්නේ ඇගෙ නිවසේය.විවිධ වර්ණයන්ගෙන් යුත් විවිධ හැඩයන්ගෙන් ටෙඩි බෙයාර් ලා 8309 දෙනෙක් ඈ සමග වෙසෙති.

වෘත්තියෙන් මෘදුකාංග සැළසුම් ශිල්පිනියක් වන ඇයට මේ ටෙඩි බෙයාර්ලා එකතු කර ගැනීම සදහා ඇගේ සැමියාගෙන්ද නොමද සහායක් ලැබේ.