අංජුල මහික වීරරත්න
සියලුම ඇමැතිවරුන්ගේ වියදම් කප්පාදු කිරීම සඳහා ලබන 30 වැනිදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
මේ වනවිට ආණ්ඩුවක් නොමැති බව හෑන්සාඩ් වාර්තාවේ ඉතා පැහැදිලිව සඳහන් වී තිබෙන බව කී මන්ත්‍රීවරයා ඒ අනුව මූල්‍ය බලය සෘජුව පාර්ලිමේන්තුව සතු බවද කීය.
29 වැනිදා අග්‍රාමාත්‍ය වියදම් කප්පාදු කිරීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන බවද චම්පික රණවක මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු නියෝග මත කටයුතු කරන්නැයි මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඇතැම් රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසීය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක