(අජන්ත කුමාර අගලකඩ)
එක්සත් ජාතික පෙරමුණු රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනකු හෙට උදේ 8.30 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
ඇමැතිවරුන් ලෙස පත් කළ යුතු මන්ත්‍රීවරුන් 36කගේ ලැයිස්තුවක් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත යවනු ලැබ තිබුණු අතර ඉන් නම් කිහිපයක් ජනාධිපතිවරයා කපා දමා ඇතැයි වාර්තාවේ.
ඒ අනුව ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක්වූ ලක්ෂ්මන් සෙනවිරත්න, විජිත් විජිතමුණි ද සොයිසා, පියසේන ගමගේ සහ එච් එම් ෆවුසි යන නම් ද, සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ නම් ද ඇමැති ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
නව අමාත්‍ය මණ්ඩලය යටතේ මංගල සමරවීර මහතාට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය ද, රවී කරුණානායක මහතාට විදුලිබල හා බල ශක්ති අමාත්‍ය ධුරය ද, සාගල රත්නායකට මහතාට වරාය හා නාවුක අමාත්‍ය ධුරය ද, චම්පිකර රණවක මහතාට මහා නගර හා බස්නාහිර අමාත්‍ය ධුරයද, රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද හිමිවනු ඇතැයි වාර්තාවේ.