ඇමැතිවරයෙකි. ඔහුගේ අලුත් නිවසේ වැඩ ඉවරවී නැත. ඔහු කොළඹ පැමිණි විට හා කඳුකරයට නොයන විට නතරවීම සඳහා රජයේ බංගලාවක් ලබාගැනීමට සමත් විය.
ඔහු අලුත් ගෙට ගියේය. එහි ආගන්තුකයෙක් සිටී. ඒ නාග රාජයෙකි. ගෙට අරක්ගත් නාගයා පළවා හැරීමට ගත් උත්සාහය අසාර්ථක විය. රජයේ බංගලාවට පැමිණ සිටින මේ ආගන්තුකයා ඉවත් කිරීමට ඇමැතිට උපදෙස් කිහිපයක්ම ලැබිණි.
ඉන් එකක් වනුයේ තොවිලයක් නැටීමය.

