ඇමැති ෆයිසර්ගෙන් පොලිස්පතිට ලිපියක්


(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු කඩිනම්කර අවශ්‍ය නීති පියවර ගන්නැයි පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අද (2) පොලිස්පතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත් 10 වැනිදින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් පැමිණිල්ලක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රීකට් තරගවල විකාශන අයිතිය සම්බන්ධයෙන් ‘‘ඉන්දියා සෝනි පික්චර් නෙට්වර්ක්‘‘ ඉන්දියා පුද්ගලික සමාගම සමඟ ඉකුත් 2013 වසරේ අයිතීන් ගත් ගිවිසුම්ගත මුදලින්  ඇමෙරිකා ඩොලර් 5564404  ක මුදලක් ක්‍රීකට් ආයතනයේ ගිණුමට බැර නොකර මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.