ඇමැති සුසිල් ඇබ්ර්ඩීන් සුන්දරිය රකියි


‘‘ඇබර්ඩීන්‘‘ දිය ඇල්ල හා  ඊට ඉහළින් පිහිටි පරිවාර දියඇලි පහ අවහිර  වන අයුරින්  යෝජිත කුඩා  ජල විදුලි බලාගාරය  එම ස්ථානයේ ඉදි නොකර  දිය ඇලි අවහිර නොවන අයුරින්  වෙනත් ස්ථානයක ඉදිකීරීමට පියවර  ගන්නා ලෙස  පරිසර හා පුනර්ජීව අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිකිරීම්  සමාගමට දන්වු බව  නුවරඑළිය  මහ දිසාපති ඩී. පී. ජී කුමාරසිරි මහතා පවසයි.

 අඹගමුව  කෝරළයේ ඇබ්ර්ඩීන්  ප්‍රදේශයේ  කැළණි ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය හරස් කර ඇබර්ඩීන්  දිය ඇල්ල හා  හා ඊට ඉහළින් පිහිටි  දිය ඇලි පහක් අවහිර වන අයුරින් සහ දැඩි පාරිසරික  හානියක් සිදු වන අයුරින්  ඉදි කිරීමට යෝජිත කුඩා විදුලි බලාගාරයට එරෙහිව ප්‍රදේශයේ  ජනතාව හා පරිසර සංවිධාන රැසක්  දැඩි විරෝධය පළ කළහ.