ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියමින් කැනඩා රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් හය ලක්ෂයක් ලබා ගැනීමට ගිය බව කිය අම්බලන්ගොඩ සහ අඟුරුවැල්ල පදිංචිකරුවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රජයේ ඇමැතිවරුන්ගේ හා නිලධාරීන්ගේ නම් භාවිත කර වංචනික ක්‍රියා කළ අවස්ථා කිහිපයක්ම පසුගිය කාලයේ වාර්තා වූ බවත්, එවැනි වංචනිකයන්ට හසුනොවී සිටින ලෙස දැනුවත් කරන බවත් රෝහණ මහතා සඳහන් කරයි.