ඇමැති වසන්තගේ නඩුව ඇසූ නඩුකාරවරුන් දෙන්නකුම මාරු කරලා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික කම්කරු කොංග්‍රසයේ ගොඩනැගිල්ලක් බලහත්කාරයෙන් අල්ලා ගත් ඇමැති වසන්ත සමරසිංහ  මහතා ගැන නඩුව විභාග කළ නඩුකාරවරුන් දෙදෙනෙකුම මාරුකර යවා ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (24) ප්‍රකාශ කළේය.

ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය මේ ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට අවස්ථා දෙකක් නියෝග  දුන්නද පොලිසිය  එය මගහැර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා  අත්අඩංගුවට ගැනීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරියට උසස්වීමක්දී ඇතැයිද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.