ඇමැති මාරුව කල් යයි


ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට සැලසුම් කර තිබූ කැබිනට් මණ්ඩල සංශෝධනය මාස කිහිපයකින් කල් දැමීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර ඉකුත් සිකුරාදා (3) රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරුන් කිහිප දෙනකුට එල්ල වී ඇති චෝදනා ද සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා මුලින් තීරණය කර තිබිණි.

එහෙත් ඉකුත් සිකුරාදා පැවති සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතා මත කැබිනට් සංශෝධනය මාස කිහිපයකින් කල්දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වලින් වාර්තා වෙයි.