ඇමැති මහින්ද ජවිපෙට කෝචෝක් කරයි


‘වීරකැටිය ගෝනදෙණිය කඳු රක්ෂිතයේ විවිධ අපචාර සිදුවෙනවා. නිතර කන්දේ කැලයට ගිනි තබනවා. කන්දේ ගල් ගුහාවේ කෑම උයාගෙන කා ඇති බවටත් සලකුණු තියනවා. ගෝනදෙණිය කන්දේ රක්ෂිත ප්‍රදේශය රැකගන්න අඩුම තරමේ බෝඩ් එකක්වත් ගහන්න  අයිතිකරුවකු නැතිකම ප්‍රශ්නයක් වී තිබෙනවා‘ යැයි වීරකැටිය ප්‍රාදේශීය ලේකම් චින්තා වන්නිආරච්චි මහත්මිය හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දි සඳහන් කළාය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ඇමැති මහින්ද අමරවීර මහතා සිනහවෙමින් කියා සිටියේ එකල නිහාල් ගලප්පත්ති (ජ.වි.පෙ.) මන්ත්‍රී තුමාලට පස්සේ ගෝනදෙණිය කන්දේ ගල් ගුහාවල කෑම උයාගෙන කන්නේ කවුදැයි වහා සොයාබැලිය යුතු බවයි. මෙහිදී සභාවද සිනා සෙන්නට විය.