මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා සිංදුවකුත් කියාගෙන වැලිවේරිය රතුපස්වල පිට්ටනියට අද උදේ පැමිණියේය. ඒ වන විට රතුපස්වල ගල්ලොලුව විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ උපවාසයේ දෙවැනි දිනය උදාවී තිබිණි.
අත්තනගලු ඔය ජල පෝෂක ප්‍රදේශයේ දස දහසක් පමණ දෙනාට තම ළිංවලින් පානීය ජලය ලබා ගැනීමට ඇති අවහිරය වළක්වන ලෙස ඒ හිමියෝ උපවාසය ආරම්භ කළහ.
සිරිධම්ම හිමියනට සහයෝගය දක්වමින් ගැමියෝ ද පිට්ටනියේම උයාගෙන කමින් රැය එහි පහන් කළහ.
‘සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා‘ යන සිංදුව කියාගෙන ආ ඇමැති හාමුදුරුවන් ළඟට ගොස් වැඳ අද සවස දෙකට ගම්පහ දිසාපති කාර්යාලයයේ රැස්වීමක් පැවැත්වෙන බැවින් එතෙක් උපවාසය අත්හරින්නැයි ඉල්ලා සිටියේය.
සිරිධම්ම හිමියෝ ඊට පිළිතුරක් නුදුන්හ.
‘අපි මේක දෙක වෙනකම් නවත්වමු. දහවල් දෙකට තියන රැස්වීමට යන්න 50 දෙනකු සූදානම් කරමු. ඒ රැස්වීමෙදි බැසිල් රාජපක්ෂ මහතාගෙන් සාධාරණයක් ඉෂඨ වුණේ නැතිනම් මමත් එනවා ඔබවහන්සේත් එක්ක පාරේ වාඩි වෙලා උපවාස කරන්න.
මම ඉරිදා හිටියේ නෑ. අද මෙතනට එද්දී මට දුරකතන ඇමතුම් දහයකට වැඩිය ආවා. ඒත් මම බය නැතිව ආවා. අපි වරදක් කරලා නැත්නම් බය වෙන්න ඕනේ නෑ. මට ගල් මුල් ගැසුවොත් ඒවාත් බලා පොරොත්තුවෙන් තමයි මා ආවේ.‘
පස්වරු දෙකට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවැත්වෙන රැස්වීමට සහභාගී වන බව කියමින් ඇමැති පිටවී ගියේය.
ඉරිදා සත්‍යග්‍රහය ආරම්භ කළ මොහොතේ සිට එතැනට ආ එකම මහජන නියෝජිතයා ඇමැති මර්වින් සිල්වා පමණි.
.jpg)
.jpg)
.jpg)

