දික්වැල්ල ඉඳිගස්ආරේ කුමාරතුංග මුනිදාස පඬිවරයා උපන් බිමට ඇතුළු වීම වළක්වමින් යොදා තිබු ගේට්ටුව අද (16) ඉවත් කළ මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා එහි සංවර්ධන කටයුතු කැරගෙන යන ලෙස වැවුරුකන්නල රජ මහා විහාරාධිපති ආචාර්ය දික්වැල්ලේ තිස්ස අනු නාහිමියනට දැන්වීය.
ගැටළුවක් පැන නැඟුනහොත් තමා එය බලා ගන්නා බව ද ඇමැති පැවසීය.
කමිටුවේ සභාපති ධුරයට ඇමැති මර්වින් සිල්වා මහතා පත් කැර ගැනිණී.
මෙම භූමිය සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය සඳහා රජයට පවරා ගැනීමට පියවර ගෙන ඇති බැවින් රජයේ සැලැස්මකින් පිට එහි අනවසරයෙන් ඉදිකිරීම් නොකරන ලෙස දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් ජන්ම භූමි සංකල්පනා කමිටුව වෙත දන්වා තිබිණි.
මාර්තු 02 කුමරතුංග මුනිදාස සමරුවට එහි යාමට නොහැකි වු බැවින් පාරේ එම සැමරුම පැවැත්විණි
මේ පිළිබඳව විමසීමට දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් සම්බන්ධ කැර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

