කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මේ අනුව අමාත්‍යවරුන් ගණන 28 ක්ද, රාජ්‍ය ඇමැතිවරුන් 11 ක් හා නියෝජ්‍ය අමාත්‍යවරු ගණන 13ක් දක්වා ඉහළ ගොස් ඇත.
අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය ලෙසද මොහොමඩ් තම්බි හසන් අලී සෞඛ්‍ය රාජ්‍ය ඇමැති ලෙසද දිවුරුම් දුන්හ.
නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස
රන්ජන් රාමානායක - සමාජ සේවා සුබ සාධන හා පශු සම්පත් සංවර්ධන
වසන්ත අළුවිහාරේ - මහවැලි සංවර්ධන හා පරිසර
අමීර් අලි සහබ්දීන් - නිවාස හා සමෘද්ධි
මොහොම්මදු ෂරීෆ් තවුෆික් - අභ්‍යන්තර ප්‍රවාහන යන මහත්වරු දිවුරුම් දුන්හ.

