ඇමැති බන්දුල පරණ රස්සාවට බහී


බන්දුල ගුණවර්ධන මහතා අද හදිසියේම හෝමාගම මහින්ද රාජපක්ෂ  විදුහලට පැමිණ කලා හා වානිජ විෂයන් හදාරන සිසුනට පුරා දෙපැයක් ආර්ථික විද්‍යාව කියා දුන්නේය. ජනප්‍රිය ටියුෂන් ගුරුවරයකු වන ඔහු පාර්ලිමේන්තුවට පිවිසීමෙන් පසු  ටියුෂන් වෘතියට ආයුබෝවන් කීවේය. මෙම විදුහලේ ඉගෙනුම ලබන සිසුන් සියලුම දෙනා උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයට යැවීම තම එකම අරමුණ බවත් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම පාසල පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කරන බවත් ඔහු කීවේය.