ස්කොට්ලන්ඩි ජාතික ඉංජිනේරුවකුට කොළඹ සමාජ ශාලාවකදී පහර දුන් බව කියන මාලක සිල්වා යළි ලබන 25 තෙක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා අද (18) නියෝග කළේය.
විදේශිකයාගේ පෙම්වතිය රෝහලේ සිටින හෙයින් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ නොහැකි බව රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
ඇය අධිකරණයට කැඳවන ලෙස විත්තියෙන් කළ ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කළේය.මෙම සිද්ධියේදී හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සමඟ එක්වී විදේශිකයා හා ඔහුගේ පෙම්වතියට පහරදුන් බව කියන හය දෙනා අද(18) උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.
මර්වින් සිල්වාගේ ඇමැති ආරක්ෂකයෝ දෙදෙනෙක් ද ඒ අතර වෙති.
ඊළඟ නඩු දිනයේදී ඉංජිනේරුවරයා හෝ ඔහුගේ පෙම්වතිය නොපැමිණයහොත් හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කරන බවද මහේස්ත්‍රාත්වරයා කීවේය.

