කොළඔ ජැයික් හිල්ටන් රථ ගාලේදී හමුදා මේජර් චන්දන ප්‍රදීප් සුසේනට පහර දුන්නැයි කියන නඩුවේ ඇමැති පුතුන් දෙදෙනා ඇතුළු හය දෙනෙක් නීතිපති උපදෙසින් අද උදේ නිදහස ලැබූහ.
මර්වින් සිල්වා ඇමැතිගේ පුත් මාලක, හිටපු ඇමැති මනෝ විජේරත්නගේ පුත් රෙහාන් ඇතුළු සැකකරුවෝ හත් දෙනෙක් චෝදනා ලබා සිටියහ.
එක් සැකකරුවෙක් නඩුව අතරදී මරුමුවට පත් විය.
2012 සැප්තැම්බර් 8 වැනි දා පහර දී මේජර් ගේ ගිනි අවිය සහ ජංගම දුරකතනය පැහැරගත් බව පොලිසියට පැමිණිලි කර තිබිණි. සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවේදී මේජර්ට හඳුනා ගැනීමට නොහැකි විය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද නඩුව කැඳැවිණි.