කොළඹ ග්‍රෑන්ඩ්පාස් වරාය පිවිසුමේ තේ අපනයන පිරික්සුම් පොළේ නිරීක්ෂණ චාරිකාවකට ගිය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලය ශ්‍රී ලංකා රේගුවේ ද සහාය ඇතිව ආරම්භ කර ඇති තේ පිරික්සුම්පොළේ කටයුතු අධීක්ෂණය කළේය.
තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ, තේ කොමසාරිස් ජේ.කේ.එදිරිසිංහ, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා හා නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක යන මහත්වරුද චාරිකාවට එක්වූහ.





