තැපැල් ඇමැති ජීවන් කුමාරණතුංග මහතා මොරටුව උද්ඝෝෂණය කරන වඩු කාර්මිකයන් හමුවට ගිය නමුත් ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
විරෝධතාකරුවෝ ඔහු සිටි දෙසට වතුර බොතල් විසි කරන්නට වුහ. බොතලයක් දෙකක් ඔහු ළගටම වැටුණහ. මේ අතරතුර පොලීසිය පැමිණ වාහන විකල්ප මාර්ග වලට යොමු කළේය. එහෙත් ගාලු පාරේ තද බදට බොහෝ දුරට පැවැතිණි.
උද්ඝෝෂකයෝ කුරුස හන්දිය දක්වා ගමන් කරමින් සිටියහ.