ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු දරු හය දෙනෙකුගේ පියා වූ ආර්. සෝමපාල රණවක මහතා (89) අභාවප‍්‍රාප්ත විය.
ණය සහන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු ලෙස සේවය කර ඇති සෝමපාල රණවක මහතා පාරම්පරික ගොවියෙකි.
දේහය බුලත්සිංහල, බෝතලේගම, පල්ලේකුඹුර නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බුලත් සිංහල, දෙහිගහවෙල පොදු සුසාන භුමියේ දී බදාදා (9) පස්වරු 5.00 සිදු කිරිමට නියමිතය.

