ඇමැති ගේ ළඟ පාරෙත් කාපට් පතුරු පිටින් ගැළවේ


මතුගම හොරවල පැලවත්ත පාර මාස තුනකට පමණ පෙර කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කළ නමුත් සඳුදා (2) වැස්සෙන් හා කාපට් ගැලවී පාර කැඩී බිඳී ගියේය.

ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ නිවස පිහිටියේ ද මෙම පාරේ ය.

ප්‍රදේශවාසීන් පවසනුයේ මහින්ද රාජපක්ෂ ජනපති මේ පළාතේ උත්සවයකට යෑමට නියමිතව සිටි නිසා මේ පාර කඩිමුඩියේ අලුත්වැඩියා කළ බවයි.

අගලවත්ත ලිහිණියාගම සම්බන්ධකරන කළුපහන පාලම ද සඳුදා ගංවතුරෙන් කැඩී ගිය පසු ගැමියෝ පොල් කොට කිහිපයක් දමා ගමන් පහසුව සලසා ගන්නට සූදානම් වූහ.