ඇමැති කාලගුණයට දෙහි කපයි


පසුගිය සිකුරාදා හටගත් චණ්ඩ මාරුතය ගැන මහජනතාවට හරි දැනුම් දීමක් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි වීයැයි ද, ඒ සම්බන්ධයෙන් දෙදිනකින් වාර්තාවක් එවන ලෙස දන්වා ඇතැයි ද, වරදක් සිදුවී ඇත්නම් ඊට වග කිවයුතු අයට දඩුවම් කරන්නේයැයි ද ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර නුවරඑළියේදී පැවසීය.

‘අපේ කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉතා පැරණි ආයතනයක්. එය කඩිනමින් මුළුමනින්ම නවීකරණය කළ යුතුයි. ඇමැති මණ්ඩල සංදේශයක් මගින් ප්‍රතිපාදන ලබා ගැනීමට බලපොරොත්තු වෙනවා. ඊට වැය කරන මුදල් අපතේ යැවීමක් නොවේ. ආපදාවක් එන්නට කළින් ජීවිත බේරා ගැනීමට එමගින් ඉඩකඩ ලැබෙනවා.‘