(ඩබ්ලිව්.ඒ. අසේල)
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ගමන් ගත් කාරය ත්‍රී රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ දෙදෙනෙක් මහනුවර මහ රෝහලේ 10 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිති.
මහනුවර රන්දෙණිගල රජමාවතේ මාළිගාතැන්න ප්‍රදේශයේදි ඊයේ(16) දින සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මහනුවර උඩුවෙල පදිංචි ප්‍රදීප් කුමාර(24) හා අයි.ජී. සිරිවර්ධන (55) නමැති දෙදෙනෙකි.
අමාත්‍ය කබීර් හෂීම් ගමන් ගත් කාරය රන්දෙණිගල මාර්ගයේ මාළිගැතැන්න ප්‍රදේශයේදි මාර්ගයේ දකුණට හැරවීම සඳහා නවතා ගෙන සිටි ත්‍රි රෝද රථයක වැදිමෙන් මෙම අනතුර සිදුවී ඇත. කාර් රථයේ රියදුරු වන ප්‍රියන්ත හෙටිටිආරච්චි අත් අඩංගුවට ගෙන මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කොට තිබේ.

