ඇමැති උප ඇමැති ගණන 79 ට නගී


අද පත්කළ ඇමැතිවරුන් 11 දෙනා සමග මුළු ඇමැති මණ්ඩලයේ ගණන 39කි. නියේජ්‍ය ඇමැති සංඛ්‍යාව 23 කි. රාජ්‍ය ඇමැතිවරුන්ගේ ගණන 17 කි . මේ අනුව මුළු ගණන 79 කි.

ඇමැති මණ්ඩලයේ සංඛ්‍යාව 25 කට සීමාකරන බව ජනපතිවරණයට පෙර පොදු අපේක්ෂක රැස්වීම් වලදී ප්‍රකාශයට පත් කෙරිණි. නියෝජ්‍ය ඇමැති සංඛ්‍යාවද ඒ හා සමාන වනු ඇතැයි කියැවිණි.