ඇමැති උත්සවය නිසා වාර විභාග නෑ


උතුරු මැද ඇමැතිවරයකුගේ සහභාගිත්වයෙන් නොච්චියාගම පාසලක අද පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයක් නිසා නොච්චියාගම කොට්ඨාසයේ පාසල් 26ක අද පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග අවලංගු කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.