ශීඝ්‍රයෙන් දියුණු වන ලෝකයත් සමග ඉදිරියට යාමට තිඛෙන හොඳම ක්‍රමය වන්නේ නවීන තාක්ෂණික ක්‍රම සහ විධි එදිනෙදා කටයුතු වලදී හැකි උපරිමයෙන් භාවිතයට ගැනීම බව රාජ්‍ය ව්‍යවසාය හා කර්මාන්ත අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ව්‍යවසායකයින්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති හමුවකදීය.
නගර සංවර්ධනයට හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනයට තාක්ෂණය වැදගත් වන ආකාරය සම්බන්ධයෙද හෙතෙම පැහැදිලි කළේය.
දැකුම්කළු නගර (‘ස්මාර්ට් සිටි’) සංකල්පය ශ්‍රී ලංකාවේ නගර වලට හඳුන්වාදිය යුතු බව කී අමාත්‍යවරයා ඉන් අදහස් කෙරෙන්නේ නගරයක රථවාහන පාලනය ,සන්නිවේදනය ,අපද්‍රව්‍ය කලමණාකරන කටයුතු ආදිය නවීන තාක්ෂණික විධි භාවිතාකර කාර්යක්ෂම කර ඇති කිරීම බව පැවසීය.
එවන් නගර සදහා උදාහරණ ලෙස දකුණු කොරියාවේ සෝල් අගනුවර,ඇමරිකාවේ නිව්යෝරක් නුවර හා වොෂින්ග්ටන් නුවර,බ්‍රසීලයේ රියෝ දි ජැනයිරෝ නුවර ආදිය ඔහු ගෙනහැර දැක්වීය.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය ගැනද විශේෂයෙන් සඳහන් කළ වික්‍රමරත්න මහතා පසුගිය රජය ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීමේ අරමුණින් සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කර ඇතත් ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නොමැති බව පැවසීය.
සංවර්ධන ව්‍යාපෘති කි්‍රයාත්මක කිරීමෙන් පමණක් ප්‍රවාහන ගැටලූවට පිිළියම් සෙවිය නොහැකි බව කියා සිටි අමාත්‍යවරයා ඒ සදහා දැක්මක් අනුව කටයුතු කළ යුතුව තිඛෙන බව කිීය.
දුම්රිය සේවය කාර්යක්ෂම කිරීමේ හා එහි පහසුකම් වැඩිදියුණු කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්හ.
‘මම සතියකට සැරයක්වත් මොරටුවේ සිට දුම්රියෙන් කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ මගේ කාර්යාලයට එනවා.මාර්ගයෙන් එනවානම් පැය 2 ක් පමණ ගතවන ගමනට දුම්රියෙන් ගත වෙන්නේ විනාඩි 40 ක් පමණි. නමුත් දුම්රියේ තිබෙන පහසුකම් ගැන සෑහීමකට පත්වෙන්නට බැහැ. තදබදය දැරිය නොහැකි තරම්.කාන්තාවන්ට විදින්නට සිදුව තිබෙන ගැටලූත් එමටයි.’ අමාත්‍යවරයා පැවසීය.
ලෝකය සමග තරග කළ හැකිවන සේ ශ්‍රී ලංකාව දියුණු කිරීමට වත්මන් රජය සැළසුම් රැසක් සකස් කර තිඛෙන බවත් ඒවා ඉදිරියේදී කි්‍රයාත්මක කරන බවත් අමාත්‍යවරයා කීය.
රටේ සංවර්ධන කටයුතු වලදී සෑම විටම මධ්‍යම රජය මතම නොයැපීල රාජ්‍ය ආයතන හා මහජනතාව එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කිරීමෙන් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට එක්විය යුතු බව ඔහු කියා සිටියේය.

