වරකාපොළ කොහොඹදෙණියේ ජල ව්‍යාපෘතියකට අලාභ හානි කැර රුපියල් දස ලක්ෂ අසුහාරදහක අනර්ථයක් සිදු කළ බවට චෝදනා ලබා සිටි කෑගල්ල දිස්ත්‍රික් අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා ඇතුළු සැකකරුවන් 18 දෙනකුට තුල්හිරිය මහෙස්ත්‍රාත් සනත් ජේ මොරවක මහතා ඉදිරියේ අද (05) චෝදනා බාර දෙනු ලැබීය.
චෝදනා පහටම නිවැරදිකරුවන් බව ඔවුහු පැවසුහ.
ඒ අනුව නඩු විභාය ලබන ජනවාරි 10 වැනි දිනට කල් තැබීය.
2012 ජුනි 12 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී වරකාපොල කොහොඹදෙණියේ පදිංචි කේ .ටී ජයලත් බණ්ඩාර යන අයගේ නිවසට විත්තිකරුවන් ඒකරාශි වී අයුතු බලපෑම් කොට ඇතුළු වී නිවසේ ජල ව්‍යාපෘතියට හානි කොට රුපියල් දස ලක්ෂ අසුහාරදාහක අනර්ථයක් සිදු කිරීම පිළිබදව මෙම නඩුවේ චෝදනාව ලබා ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න වරකාපොළ ප්‍රාදේශිය සභා මන්ත්‍රී සරත් සුමනසුරිය (එජනිස) ,අමිල වික්‍රමරත්න,ආනන්ද කුමාරසිරි,කේ.ගුණවර්ධන,පිරීස් කුමාර,සරත් පතිරණ,මල්ලිකා දමයන්ති, මාලනී ජයන්ති, තරංගා රුවන්, ලාල් දිසානායක,අජිත් සිසිර කුමාර,වික්‍රම සිංහ ගුණසේන,කේ කරුණාවති, ඇතුළු තවත් සැකකරුවෝ පස්දෙනකි.