මත්තල නව ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සවයට සහහාගී වීමට කැමති විදේශයන්හි ජීවත්වන්න්නට ඇමරිකාවේ සිට මත්තල ගුවන් තොටුපොළ වෙත පැමණීමට විශේෂ ගුවන් යානාවක් සූදානම් කර ඇත.
මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගීවීමට කැමති සියලු දෙනාට වොෂින්ටන් ශ්‍රී ලංකා තානාතපති කාර්යාලය පහසුකම් සලසනු ලබයි.
ගුවන් යානය මාර්තු 16 වැනි දින අමෙරිකාවෙන් පිටත්ව ඩුබායි හරහා පියාසර කර සමාරම්භක උළෙල පැවැත්වෙන මාර්තු 18 වැනි දිනට මත්තල ජාතයන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.
ඇමෙරිකාවේ නිව් යෝර්ක්, හුස්ටන්, ඩලාස්, ලොස් ඇන්ජලීස්, සැන් ෆ්රැයන්සිස්කෝ සහ සියැටල් යන නගර වලින් පියාසර කරන එමිරේට් ගුවන් සමාගමේ යානා වලින් වොෂින්ටන් නුවරට පැමිණ මෙම විශේෂ ගුවන්යානයට ගොඩවිය හැක.
අමෙරිකාවෙන් පිට සිටින කිසිවෙකුට මෙම චාරිකාවට එක්වීමට අවශ්‍ය වෙනම් ඔවුන් ඩුබායි ගුවන් තොටුපළට පැමිණිය යුතුය.
මෙම විශේෂ සංචාරය සඳහා අයකරනු ලබන්නේ අඩු මිලක් බවද වාර්තා වෙයි.
ගුවන්තොටුපළ විවෘත කිරීමේ උත්සවය අවසානයේ එම සංචාරක පිරිසට කොළඹ නගරය දක්වා නොමිලයේ ගමන්කිරීම සඳහා සුඛෝපභෝගී බස්රථ සුදානම් කර ඇත.
ඔවුනට ලංකාවේ තමන් කැමති අන්දමේ නිවාඩුවක් ගතකිරීමට සඳහා පිළිගත් සංචාරක සමාගම් සමඟ එක්වී දින දහයක සංචාරක වැඩසටහනක් ද සුදානම් කර තිබේ.