ඇමරිකාවේ පොලී අනුපාතය ඉහළ ගියොත් රුපියල තවත් බාල්දුවේ


(සුජිත් හේවාජුලිගේ)

ඇමරිකාවේ පොලී අනුපාත ඉදිරියේදී ඉහළ ගියහොත් ශ්‍රී ලංකාවේ  රුපියල තවදුරටත් අවප්‍රමාණය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දුන් බව ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පැවැසීය.

ණය වාරික හා පොලි ගෙවීම සඳහා රටේ සංචිත ඩොලර් වැය කිරීමට සිදුවීමෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවීය හැකි බව මහ බැංකු නිලධාරියෙක් පැවැසූ බව කී සමරකෝන් මහතා රුපියලේ අගය අවප්‍රමාණය වීමට වඩා වැඩි බරපතළ  ගැටළුවක් නිරන්තරයෙන් වෙනස්වන රජයේ බදු ප්‍රතිපත්තිය මගින් ව්‍යාපාරවලට ඇති කර ඇතැයි පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් පැවැසූ බවද සඳහන් කළේය.

රටේ ආර්ථික තත්ත්වය ගැන රජය විවිධ මත පළකිරීමද ගැටලුක් බව පෞද්ගලික අංශයේ නිලධාරීන් පැවැසූ බව ඔහු කීය.

සමරකෝන් මහතා මේ බව පැවැසුවේ ජනාධිපති කර්යාලයේදී අද(4) පැවැති ජාතික ආර්ථික සභවේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.