ඇමරිකාවේ දෙන්නෙක් එති


ඇමරිකා එක්සත් ජනපති රාජ්‍ය දෙපාර්තමන්තුවේ උපදේශක තානාපති තෝමස් ෂැනොන් දෙදින නිල සංචාරයක් සඳහා සඳුදා දිවයිනට පැමිණෙන බව ඇමරිකා තානාපති කාර්යාලය පවසයි.

ඇමරිකා ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව සොයාබැලීමේ අරමුණින් ඔහු පැමිණේ.

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ඔහුගේ නිරීක්ෂණයට ලක්වනු ඇත.

ඔහු සමග දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් මන්ප්‍රීත් සිංද පැමිණෙනු ඇත.