ඇමරිකාවේ 45 වැනි ජනපතිවරයා දිවුරුම් දෙයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් මහතා ඉදිරියේ ට්‍රම්ප් මහතා දිවුරුම් දුන්නේය.

 

වොෂින්ටන් අගනුවර කැපිටල්හිල් ගොඩනැගිල්ල ඉදිරියට දිවුරුම්දීමේ උත්සවය පැවැත්විණ. ට්‍රම්ප් මහතාගේ දිවුරුම්දීම දැක ගැනීමට ලක්ෂ 9 ක පිරිසක් පැමිණ සිටියහ.
ට්‍රම්ප් මහතා දිවුරුම්දීමට පෙර උප ජනාධිපති ලෙස මයික් පෙන්ස් මහතා දිවුරුම් දුන්නේය. ට්‍රම්ප් මහතාගේ සහ මෙලානියා ට්‍රම්ප් මහත්මියගේ පුතු බැරන් ට්‍රම්ප්, නව ජනාධිපතිවරයාගේ පළමු කසාදයේ දියණිය ඉවන්කා ඇතුළු ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයෝ සැවොම දිවුරුම්දීමේ උත්සවයට පැමිණ සිටියහ.
විශේෂ ආරාධිතයන් ලෙස ඇමෙරිකාවේ හිටපු ජනපතිවරුවන් වන ජිමී කාටර්, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ බිල් ක්ලින්ටන් යන මහත්වරු ඔවුන්ගේ බිරින්දෑවරු සමඟ පැමිණ සිටියහ. හිටපු ජනපති බිල් ක්ලින්ටන් මහතාගේ බිරිය හිලරි ක්ලින්ටන් මහත්මිය වෙනුවෙන් ට්‍රම්ප් මහතා විශේෂ ආරාධනාවක් යවා තිබුණු බව ද වාර්තා විය.
හිලරි ක්ලිටන් මහත්මිය පසුගිය ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් මහතාගේ ප්‍රතිවාදිනිය වූවාය.
(ඒ.එෆ්.පී./රොයිටර්)

C2oW8heVQAE0VZw Trump-01 Trump-02