අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය සිය ප්‍රසාදය පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති අතුල් කේෂාප් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වඩාත් අර්ථවත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් වෙනුවෙන් එය ඓතිහාසික ජයග්‍රහණයක් වනු ඇති බවයි.
මේ අතර දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකා සහකාර ලේකම් නිෂා බිස්වාල් ද මේ ගැන අදහස් දක්වමින් කියා ඇත්තේ සත්‍ය හා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය යහපත් ප්‍රවේශයකට ගෙනයාම වෙනුවෙන් පැවති බාධකයක් අභිබවා යාමක් ලෙස එය දැකිය හැකි බවයි.
ශ්‍රී ලංකාව තැබූ ඓතිහාසික පියවරක් ලෙස මෙය සැලකිය හැකි බව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ අමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොස්කි ද ට්විටර් පණිවිඩයක් මඟින් සඳහන් කර ඇත.