ඇමරිකාවෙන් ඉහළ පෙළේ රාජ්‍ය නියෝජිතයෙක් එයි


මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය නිශා බිස්වාල්  මහත්මිය  කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තයෙන්   අද  අළුයම දිවයිනට පැමිණියාය.

ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 506 දරණ ගුවන් යානයෙන්   ලන්ඩන් සිට අද අලුයම පහට පමණ මෙරටට පැමිණි නීශා බිස්වාල් මහත්මිය  සමග දුත පිරිසක්ද පැමිණියහ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් අහමඩ් ජමීල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද, ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්‍යාලයේ නිලධාරීන් පිරිසක්ද ඇය පිළිගැනීමට කටුනායකට පැමිණ සිටියහ.

නව රජය බලයට පත්වීමෙන් පසු ශ‍්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු ඉහලම රාජ්‍ය තාන්ත‍්‍රිකයා නීෂා බිෂ්වාල් මහත්මියයි.  පසුගිය සතියේදී බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වයර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

නිශා බිස්වාල් මහත්මිය  තෙදින නිල සංචාරයක් සඳහා  මෙරටට පැමිණි අතර ඇය මෙරට රැදී සිටින කාලය තුළ   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්  ඇතුළු රජයේ ඉහළ පෙළේ  නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සබඳතා තර කර ගැනීම සහ කලාපයේ ගැට‍ළු පිළිබඳ සාකච්ඡා කිරීම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.

ඇය ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයින් හා ආගමික නායකයින් සමගද සාකච්ජා පැවැත්වීමට සැලසුම් කර ඇත.   

 1 2 3