ඇමරිකාවට යන්න ෆොන්සේකා වීසා ඉල්ලයි


තම පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමැරිකාවට යෑම සඳහා වීසා ඉල්ලා දෙසතියක් ගත වී ඇතත් වීසා නොලැබුණු බව ඔහුගේ පක්ෂ කාර්යාලයය කියයි.

ෆීල්ඩ් මාෂල් පදවියට පත්වීමත් සමඟ ඔහුට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමිවී ඇතැයි දැනගන්නට ඇත.

ෆොන්සේකාගේ ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ්පත අවලංගුවී ඇතැයි ද, ඊට හේතුව එහි කොන්දේසි කඩවීමයැයි ද දැනගන්නට ඇත.

ග්‍රීන් කාඩ් හිමියකු දින 180කට වරක් ඇමරිකාවේ සිටිය යුතුවෙයි.

ෆොන්සේකා අතින් එම කොන්දේසිය කඩවී ඇති බව පිළිගනී.

ඔහු කියනුයේ දෙමාසයකට පෙර ග්‍රීන්කාඩ්පත යළි ඉල්ලූ බවයි.

හමුදාවේ සිටි අයකුට හෝ හමුදාපතිවරයකුට හෝ ඇමෙරිකා වීසා ලබා ගැනීමේ දී ප්‍රශ්න ගණනාවකට මුහුණ පෑමට සිදුවේ.

මානව හිමිකම් කඩවී ඇත්ද, යුද අපරාධ සිදුවී ඇත්ද යන්න ඇමරිකාව දැන් තදින්ම සොයා බලයි.