ඇමරිකාව මහින්ද පට්ට ගහයි


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය, ශ්‍රී ලාංකික ජනතාව භේද බින්න කරමින් භීතිය පැතිර වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා තානාපතිනී සමන්තා පවර් චෝදනා කළාය.

මෙක්සිකෝවේ - මෙක්සිකෝ සිටි නගරයේ ඉකුත් 28 දා පැවති විවෘත රාජ්‍ය සහයෝගීතා ගෝලීය සමුළුව අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. රාජ්‍යයන් සහ සිවිල් සමාජය විවෘතව විනිවිදභාවයකින් සහ වගවීමකින් කටයුතු කළ යුතු බව අවධාරණය කළ ඇමරිකා තානාපතිනිය ශ්‍රී ලංකාව ගෙනහැර දැක්වූයේ ඊට උදාහරණයක් ලෙසය.

හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ඉහවහා ගිය දූෂණය සහ මාධ්‍ය මර්දනය වැනි අහිතකර ප්‍රවණතා වත්මන් රජය මගින් නිවැරදි කරමින් සිටින බව ඇය කීවාය.වත්මන් රජයේ පාලනය යටතේ මානව හිමිකම් සුරකින්නන්, ක්‍රියාකාරීන් ඇතුලූ පොදුවේ ජනතාව අතර පැතිර පැවති භීතිය දැන් තුරන් වෙමින් පවතින බවද ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ අඳුරුතම සහ වේදනාකාරී යුගයක් අවසානයේ වත්මන් පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරමින්, කොන් වී සිටින ජනකොටස්වලට නිසි තැන ලබාදීමට කටයුතු කරමින්, සිටින බව පැවසූ තානාපතිනිය ශ්‍රී ලංකාවෙන් අනෙකුත් රටවලට පාඩමක් උගත හැකි බවද සඳහන් කළාය.