කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක නීති හා රෙගුලාසි අද සිට දැඩිව පනවතා ඇතැයි එම තානාපති කාර්යාලය කියයි. එක්සත් ජනපදයේ වීසා බලපත් සම්මූඛ පරීක්ෂණය සඳහා පැමිණෙන පිරිස් එම නීති මාලාව අධ්‍යයනය කර ඊට අනුකූලව පැමිණෙන ලෙස දන්වන තානාපති කාර්යාලයය එම නීති කඩකරන කිසිම පුද්ලයකු ඇතුළට නොගන්නා බව ද සඳහන් කරයි.
ජංගම දුරකතන, ඩිජිටල් දිනපොත්, ඩිජිටල් ඔරලෝසු, කැමරා, ශ්‍රව්‍ය/ දෘශ්‍ය කැසට්, සංයුක්ත තැටි, එම්පී -3 යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක, බැටරි මගින් මෙහෙයවන හෝ විද්‍යුත් උපාංග සහිත කිසිම කෙනකු ඇතුළට නොගන්නා බව තානාපති කාර්යාලය සඳහන් කරයි.
ආහාර හා පාන, විලවුමන් වර්ග, මුද්‍රා තැබූ ලියුම් කවර, ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය, කතුරු වැනි ද්‍රව්‍ය , ඇකිලූ විට සෙන්ටිමීටර 40 ට වඩා දිග කුඩ ආදිය ද ඇතුළට ගෙන යාම තහනම් කර තිබේ.

