ඇමරිකා සරසවියක් එක්ක ගිවිසුමක්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක් නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ University of Illinois අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ප්‍රවේණි ද්‍රව්‍ය ආශ්‍රිත පර්යේෂණ සඳහා මානව සම්පත් නිපුණතා සංවර්ධනය සහ පශ්චාත් උපාධි සිසුන් හා ආයතන කාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන් වැනි ක්‍රියාකාරකම් හා වැඩසටහන් සඳහා පහසුකම් සලසා දෙමින් ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක් නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ University of Illinois අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. 

යෝජිත කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබේ. 

ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.