ඇමතිගේ පැමිණිල්ලට හිමියෝ පොලීසියට යති


ඇමති රිෂාඩ් බදුයුදීන් කුරුඳුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනූව ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියංගල ආනන්ද සාගර හිමියන්ගෙන් පොලීසිය අද ප්‍රශ්න කළේය.

මන්නාරමේ අවතැන් වූ ජනතාව පදිංචි කිරීමේ වැඩසටහනට විරෝධය පළ කරමින් ජාතිවාදය අවුස්සමින් ජාතික භික්ෂු සංවිධානය සහ පරිසර සංවිධාන කිහිපයක් කොළඹදී පසුගිය සෙනසුරාදා පැවැතු වූ උද්ඝෝෂණයෙන් තමන්ට අපහාසයක් වූ බව ඇමතිවරයා පොලීසියට පැමිණිලි කර තිබුණි. ආනන්ද සාගර හිමියන් කියා සිටියේ පැයකට අධික කාලයක් පොලීසිය ප්‍රකාශයක් සටහන් කර ගත් බවයි.

badudin_20151222 badudin_20151222-2