රාජ්‍ය යාන්ත්‍රණය සමග කටයුතු කිරීම සම්බන්ධයෙන් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් දැනුම්වත් කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්ට බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍යවේදීන් කරුණු විමසූ අවස්ථාවේ දී ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීවේය.
“ මා ජනාධිපතිතුමා හා අගමැතිතුමා සමග සාකච්ඡා කළා නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඇමතිවරුන්ටත් රාජ්‍ය නිලධාරීන් සමග පරිපාලන කටයුතු කිරීම පිළිබඳ වැඩමුළුවක් පවත්වන්න. ඉදිරියේ දී එවැනි වැඩසටහක් කරනවා.”
“ ඉන් පසු මේ වගේ සුළු සිද්ධි ඇතිවන එකක් නැහැ. රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමටත් ඔවුන් ආරක්ෂා කරගනිමින් රාජ්‍ය පාලනය නිවැරදිව ගෙන යාමටත් විෂය භාර අමාත්‍යවරයා ලෙස මා කටයුතු කරනවා. ඒ සඳහා මා බැඳී සිටිනවා”

