ඇමති නලින්ද ඉන්දු ශ්‍රී ලංකා සංගමයේ මුල් පුටුවට




(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දස වෙනි පාර්ලිමේන්තුවේ  ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට  තේරී පත්විය

ඒ, ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය  පිහිටුවීමේ රැස්වීම   කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය 8 වැනිදා  පැවැත්වූ අවස්ථාවේදී ය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්  සන්තෝෂ් ජා මහතාද  මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.