
(විමුක්ති එස් රුද්‍රිගු)
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ රටවල් ( ආසියාන් ) සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් සාකච්ඡාවක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන සාකච්ඡාවට අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ රටවල ( ආසියාන් )තානාපතිවරු පිරිසක් එක්ව සිටියහ.
එහිදී ශ්‍රී ලංකාව සහ ආසියාන් රටවල් අතර බෞද්ධාගමික සබඳතා වර්ධනය කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව සහ ආසියාන් රටවල් අතර සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් බෙදා හදා ගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇත.
ආසියාන් රටවලට ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කරවීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාව එහිදී තානාපතිවරු පිළිගෙන ඇති අතර පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් ආසියාන් රටවල ප්‍රමුඛ බෞද්ධ විහාරස්ථාන සමඟ ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන සම්බන්ධ කිරීමේ වැඩසටහනක් හරහා බෞද්ධ ආගමික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවද යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

