ඇමති ජානක හා පුතාට කරන දේ එජාප මන්ත්‍රී කියයි


එ.ජා.ප රජයක් යටතේ අනිවාර්යයෙන්ම ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් ඔහුගේ පුත් මධ්‍යම පළාත් ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත් සිර භාරයට ගන්නා බව මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.

තමන් සොරකම් කර ඇති බවට මෙම දෙපළ චෝදනා කරන බවත් දැනට පවතින්නේ ඔවුන්ගේ රජයෙන් හැකිනම් තමා අත් අඩංගුවට ගන්නැයිද ඔහු අභියෝග කරයි.

අලුවිහාරේ මහතාගේ චෝදනාව ගැන ප්‍රමිත තෙන්නකෝන් මහතා සීයා වන ටී.බී.තෙන්නකෝන් කවියාගේ කිවියකින් පිළිතුරු දුන්නේය. එහි අග පදය මෙසේය.

‘‘ගංවතුරකට බිය වේවිද මහ මුහුද”