පැපිලියාන පැෂන් බග් ආයතනයට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ පිරිස මැඩපැවැත්වීමට ගිය සහකාර පොලිස් අධිකාරීවරයකුගේ හිස් වැසුමට අතින් ගසා විසි කළ ඇබිත්තයකු බව කියන පුද්ගලයකු වීඩියෝවකින් හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව මිරිහාන අපරාධ කොට්ඨාස විමර්ශන ඒකකය කියයි.
ඔහු සමග තවත් හත් දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති.
ඉන් වැඩි දෙනා ත්‍රීරෝද රියදුරන්ය.